මුල් පිටුව special ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Raid Amazones 2023’සඳහා පෙළගැසෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Raid Amazones 2023’සඳහා පෙළගැසෙයි

0

ශ්‍රීලංකන් ගුවන් සේවය දෙවන වරටත් ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක ධාවන තරඟය වන Raid Amazones 2023’හි සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කිරීමට සූදානම්ව සිටියි. එළඹෙන මාර්තු මස 19 වන දින සිට මාර්තු 29 දක්වා මහනුවර දී පැවැත්වීමට නියිමිත මෙම තරඟාවලිය සඳහා මෙවර ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා සිය උත්සාහයන් වේගවත් කරමින් සිටියි. ගෝලීය ක්ෂේත්‍රයේ විවිධ සංචාරක අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීමට කටයුතු සැලසීම එ් අතරින් ප්‍රධාන වේ.

‘Raid Amazones 2023’යනු ප්‍රංශයෙන් ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වකි. සාමාන්‍යයෙන් ප්‍රංශ ක්‍රීඩිකාවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන,  බයිසිකල් පැදීම, ධාවනය,  ඔරු පැදීම, දිවීම සහ දුණු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණදීම මෙහිදී සිදුවේ. මෙහි සංවිධායකවරුන් විසින් තරඟාවලිය පැවැත්වීම සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගනු ලැබුවේ මෙහි ජනතාවගේ අසමසම උණුසුම් පිළිගැනීමත් තරඟාවලිය ඉතා යෝග්‍ය වන භූමියේ ඇති සහයෝගයත් හේතුවෙනි. ඔවුන්ගේ එම තීරණය ගුවන් සමාගමේ අලෙවිකරණ ප්‍රයත්නයන්  වල සාර්ථිකත්වය මත රඳා පවතින අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරක සහාය අවශ්‍ය මොහොතක මෙය වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිවේ.    

21 වන වරට පැවැත්වෙන මෙම ‘Raid Amazones 2023’ තරඟාවලිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ කන්ද උඩරට පැවැත්වෙන විට  ස්වභාවික හා ඓතිහාසික ස්ථාන උද්දීපනය කිරීමට හැකියාව ලැබෙණු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ ගමන ආරම්භ වන්නේ, ඔවුන් Raid Amazones 2023 සඳහාම වෙන් වූ  ගුවන් යානයෙන්  පැරිසියේ සිට කොළඹට පියාසර කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට ගොඩ වූ මොහොතේ සිට ය. ශ්‍රීලංකන් ගුවන් සේවය, මෙහි  නිල භූමි හැසිරවීමේ හවුල්කරු වන Connaissance de Ceylan සමඟ එක්ව ප්‍රංශයේ සිට පැමිණෙන මෙම පිරිස ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාර ලබාදී  පිළිගැනීමටත් ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමටත් දැනටමත් සූදානම් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කලේය. “පසුගිය වසරේ 20 වැනි Raid Amazones සමඟ ශ්‍රී ලංකාවේ දී මම ලබාගත් අත්දැකීම් සහ ඒ සඳහා සහභාගී වූ තරඟකාරියන්ගෙන් ලැබුණු විශිෂ්ට ප්‍රතිචාර නිසා නැවත වරක් 21 වැනි Raid Amazones තරඟාවලිය සුන්දර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හේතුවක් වුණා. ශ්‍රීලංකන් ගුවන් සේවය සහ අනෙකුත් හවුල්කරුවන් සහය නොවන්නට මෙය කළ නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාව කෙතරම් ආරක්ෂිත සහ සුන්දර ද යන්න ලොවට පෙන්වීමට හොඳම කාලය මෙය බව මට හැඟුණු නිසා මම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු වුණා. ” යැයි ද ඒ මහතා පෙන්වා දුන්හ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Raid Amazones 2023 හි සහභාගිවන්නන් නැවත වරක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සියලුම දෙනා  ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ දක්ෂතා සොයා ගනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණීමට සහ ගවේෂණය කිරීමට ඔවුන් අනෙකුත් අය දිරිමත් කරමින් මෙන්ම විශ්මිත මතකයන් රැසක්  සමඟ නැවත ඔවුන්ගේ මව්බිමට යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි අපගේ මෙහෙවර වන්නේ ගුවන් සමාගමක් ලෙස පුළුල් කිරීමට පමණක් නොව රට ඉදිරියට ගෙනයාමට ඇති ආශාව ඉටු කර ගැනීමයි. මෙවැනි ජාත්‍යන්තර වැඩසටහන් සමඟ හවුල් වීමෙන් මෙය තවදුරටත් කරගෙන යාමට හැකියා ලැබේ. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය‍.  “ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ අවධානය දිනාගැනීමට අවශ්‍ය උත්සහයන් ගනිමින් සිටියි. සෑම ත්‍රාසජනක සංචාරකයෙකුටම ලබා ගැනීමට යමක් ශ්‍රී ලංකාව සතුව ඇති අතර මෙම වසරේද Raid Amazones සමඟ එක්වන අපට  ලෝකය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය පණිවිඩය  ද එයයි. ගුවන් සේවය  ප්‍රවර්ධනය කිරීමත් ලාභාංශ ගෙන ඒමටත් මෙවැනි දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම අවශ්‍ය බව අපි විශ්වාස කරමු. ඒ වගේම Raid Amazones සමඟ තවත් වසර ගණනාවක සහයෝගීතාවක්  අපි අපේක්ෂා කරමු, ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්‍රථම වරට Raid Amazones අනුග්‍රහය දැක්වුයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.  මෙම වසරේ මෙම තරඟාවලිය හරහා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් යුරෝ මිලියන 10 කට අධික වටිනාකමකින් යුතු  ප්‍රචාරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. අපේක්‍ෂිත මාධ්‍ය ආවරණය ප්‍රංශයේ සහ Raid Amazones සොයා යන යුරෝපයේ ත්‍රාසජනක සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත. ත්‍රාසජනක  ක්‍රීඩා මෙන්ම ඒ සඳහා නව ගමනාන්ත සොයන්නන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ශණය කර ගැනීම  ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉලක්කය වේ.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version