තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කාරාපිටියෙ වෛද්‍යවරයා ඕෂධීලා එක්ක හවුලේ ජනතාව ඇන්දූ කොවිඩ් සුවවන කරල නීතිය...

    කාරාපිටියෙ වෛද්‍යවරයා ඕෂධීලා එක්ක හවුලේ ජනතාව ඇන්දූ කොවිඩ් සුවවන කරල නීතිය හමුවට!

    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම හෝ ඉන් ආරක්ෂා වීම සඳහා පර්යේෂණාත්මක තහවුරු කිරීමකින්‌ තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා ජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනය කරයි.

    කොරෝනා සම්බන්ධයෙන්‌ නිෂ්චිත වශයෙන්‌ හඳුනා නොගත්‌ ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව අවධානයෙන්‌ පසුවන බව ද එහි සභාපතිනී වැඩබලන ආර්යුවේද කොමසාරිස්‌ තාරකා මේධාවී දිසානායක නිවේදනය කර සිටී.

    ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඕෂධී හේවාමද්දුම මහත්මියද මීට දින කිහිපයකට පෙර කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සොයාගත් කොවිඩ් ඖෂධයක් සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ සජීවී වීඩියෝවක් මෙසේ පළ කර තිබූණි. කෙසේවෙතත් කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබුණේ එවන් ඖෂධයක් පිළිබඳ තමා නොදන්නා බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත් ය.

    පසුගිය දින කිහිපය තුළ මෙම ඖෂධය පිළිබඳ යූටියුබ් නාලිකා සම්මුඛ සාකච්ඡාවක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් ද පැතිරී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img