තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වඩිවෙල් කළකිරෙයි - සජබයේ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

    වඩිවෙල් කළකිරෙයි – සජබයේ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

    අද සිට ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

    සිය ඉල්ලා අස්වීම සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බව ද හෙතෙම කියාසිටී.

    පස්සර ආසනයේ මඩොල්සිම නගරයේ සමගි ජන බලවේගයේ රැස්වීමක් සංවිධාන කර තිබු අතර ඊට විපක්ෂනායක, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම තහවුරු කර තිබුණ ද සියල්ල සූදානම් කිරීමෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් මත ඒමට නොහැකි බව බවට දැන්වූ බව මන්ත්‍රීවරයා පවසයි.

    වතුකරයේ ජනතාව අද වැඩ දවසක් සිය කටයුතු පසෙකලා රැස්වීමට ඇවිත් සිටි බැවින් ඔවුන්ට තතත්වය තේරුම් කිරීමෙන් පසු විපක්ෂනායකවරයාට සුව පතා පූජාවක් ද කළ බව මන්ත්‍රීවරයා කියාසිටී.

    එසේ වුවද තමාට ඉන්පසුව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සෙස් දැකගත හැකිවූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මොහොතේ වැලිමඩ රැස්වීමක් අමතන ආකාරය බව මන්ත්‍රීවරයා කීය.

    මේ හේතුවෙන් තම ආසනයේ ජනතාවට තමා ‘බොරුකාරයෙක්’ වූවා පමණක් නොව විපක්ෂ නායකවරයා පිළිගත නොහැකි පුද්ගලයෙක් බවට පත්වූ බවත් තමා මෙම සිදුවීමෙන් කම්පාවටත් කනගාටුවත් පත්වූ බව වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා පැවසීය.

    මේ හේතුවෙන් තමන් සජබයෙය් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img