Home උණුසුම් පුවත් ඇමති කෙහෙළියගේ ෆෝන් බිල් නඩුව: රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

ඇමති කෙහෙළියගේ ෆෝන් බිල් නඩුව: රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

ඇමති කෙහෙළියගේ ෆෝන් බිල් නඩුව: රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

කොළඹ මහාධිකරණය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට අද නොතීසි නිකුත් කර තිබේ.

ඒ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමිනි.

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල් වන රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවිම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ අල්ලස් කොමිසම විසිනි.

එම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වනදා කැඳන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here