Home උණුසුම් පුවත් තුර්කි භූ කම්පනයෙන් මරණයට පත්වූවන් ගණන 11,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මරණයට පත්වූවන් ගණන 11,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මරණයට පත්වූවන් ගණන 11,000 ඉක්මවයි

තුර්කයට ඉකුත් සඳුදා අළුයම බලපෑ දරුණු භූකම්පනයෙන් එකලොස් දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවට වාර්තාවේ.

රිච්ටර් මාපකයේ හතයි දශම අටක ප්‍රබලත්වයකින්යුත් වූ මෙම භූකම්පනයෙන් තුර්කයට සහ සිරියාවට දැඩි බලපෑම් එල්ලිවිය. භූකම්පනයෙන් පසුවද ඇති වූ විශාල ප්‍රමාණයෙන් භූකම්පන හේතුවෙන් තුර්කයේ සහ සිරියාවේ ගොඩනැගිලි රැසක් කාඩා වැටීමටද ලක්විය.

මේ හේතුවේන් ගොඩනැගිලි වලට සුන්බුන් අතර විශාල පිරිසක් සිරව සිටි අතර මුදා ගැනීමේ කණ්ඩායම් එක්ව විශාල පිරිසක් මුදා ගැනීමට උත්සහ කළද මේවන විට සුන්බුන් වලට සිරවී මරණයට පත්වූවන් නවදහස් හයසීයකට අධික පිරිසක් සොයා ගැනීමට සමත්ව ඇත.

දැනට වාර්තාවන අන්දමට තුර්කයෙන් මරණයට පත්වූවන් අට දහස් පන්සිය හැත්තෑ හතරකට අධික පිරිසක් සහ සිරියාවෙන් දෙදහස් පන්සීය තිහයකට අධික පිරිසක් සොයා ගැනීමට හැකිව තිබේ. කෙසේ වෙතත් ඉදිරි පැය කීපයේදී මරණයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පන්යෙන් වැඩි ජීවිත සංඛ්‍යාවක් අහිමි වීම් තුර්කයෙන් වාර්තා වුවද සැබෑ මානුෂීය අර්බුදය මතුව ඇත්තේ සිරියාවෙනි. දශකයකට අධික කාලයක් පැවති යුධ ගැටුම් වලින් අවතැන් වූවන් මෙලෙස භූකම්පනයෙන් බලපෑමට ලක්වීම ඉතා කණගාටුදායක සිදුවීමකි.
මේවන විට පවතින දැඩි ශීත කාලගුණයෙන් සිරියානුවන් විශාල පිරිසක් පීඩා විඳන අතර එහිදී ඇතැමෙක්ට උණුසුම් වීමට අවශ්‍ය ඇදුම්පාවා නොමැති බවට වාර්තාවේ. එවන් පසුබිමක ඇති වූ භූකම්පනය සිරියානුවන් කබලෙන් ලිපට වැටීමකට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here