Home උණුසුම් පුවත් බදුවලට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක් අද වැඩබිමෙන් මහපාරට

බදුවලට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක් අද වැඩබිමෙන් මහපාරට

බදුවලට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක් අද වැඩබිමෙන් මහපාරට

වෘත්තීය සමිති ගණනාවක් අද (08) වර්ජනයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ රජය විසින් පනවනු ලැබූ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන අතර කොළඹ හයිඩ් පිටියේදී විරෝධතා රැලියක්ද සංවිධානය කර ඇති බවයි.

වර්ජන කාලසීමාව තුළදී හදිසි ප්‍රතිකාර සේවා සීමා කිරීමක් සිදු නොකරන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම වරාය, ඛනිජ තෙල්, විදුලිබල, ගුවන් පාලක, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිද අද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව වාර්තා වේ.

අද දිනයේ දිවා ආහාර පැයේදී කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවද වෘත්තීය සමිති පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here