Home උණුසුම් පුවත් ජනපතිගෙන් තුර්කියේ ජනපතිට ඇමතුමක්

ජනපතිගෙන් තුර්කියේ ජනපතිට ඇමතුමක්

ජනපතිගෙන් තුර්කියේ ජනපතිට ඇමතුමක්

ප්‍රබල භු කම්පන කිහිපයකින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ තුර්කි-සිරියා දේශසීමාවේ සිදුවූ ව්‍යසනයෙන් පීඩාවිඳින තුර්කි ජනතාවට සහය පළකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් මහතා වෙත දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

එහිදී අහිමි වූ ජීවිත පිළිබඳවත්, තුවාලකරුවන් හා පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයා වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම, තුර්කි ජනතාව පත්ව ඇති මෙම හදිසි ආපදා තත්ත්වයේදී ශ්‍රී ලාංකික ජනතාව තුර්කි ජනතාව වෙනුවෙන් සහය දැක්වීමට නිරතුරුව ඉදිරිපත් වී සිටින බව ද ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයා වෙත පවසා තිබේ.

තුර්කි -සිරියා දේශසීමාව ආශ්‍රිතව සඳුදා ඇති වූ රිච්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 5,200 කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

දෙරටේම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇත.

පළමු ප්‍රබල භූ කම්පනයෙන් පසුව 100කට අධික පසු කම්පන ප්‍රමාණයක් කලාපයට බලපා ඇත.

දිවි ගලවා ගත් අයව තවදුරටත් අනතුරේ හෙළමින් ශීත කාලගුණික තත්ත්වයන් මුදාගැනීමේ මෙහෙයුම් තවත් සංකීර්ණ තත්ත්වයට පත්කර ඇතැයි එම රටවල වාර්තා පවසයි.

මෙය වසර 100 කට වැඩි කාලයකදී මෙම කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවයි.

තුර්කියේ ගැසියන්ටෙප් පළාතේ නූර්ඩගි සිට කිලෝමීටර් 23 ක් (සැතපුම් 14.2) නැගෙනහිරින් කිලෝමීටර් 24.1 (සැතපුම් 14.9) ගැඹුරින්, එහි ප්‍රබලතම භූමිකම්පාවේ කේන්ද්‍රය සනිටුහන් වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here