තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චාල්ස්ගේ අස්වීම ජනපති පිළිගනී

    චාල්ස්ගේ අස්වීම ජනපති පිළිගනී

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් වන පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇත.

    චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකරනු ලැබුවේ පසුගිය ජනවාරි 25 වෙනිදාය. එම ලිපිය මෙතෙක් භාරගෙන නොමැති බව ඉකුත් සතියේදී නිවේදනය විය.

    ඒ අතර පළාත් පාලන මැතිවරණයට පැවැත්වෙන දිනය ප්‍රසිද්ධකරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පලකල ගැසට් නිවේදනයේදී කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර ඇයගේ අත්සන තබා තිබෙනු දක්නට ලැබුණේය.

    පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී තවත් සාමාජිකයන් ඉල්ලා අස්වීමේ අවස්ථාවක් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට එල්ලවුණු ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් සාර්ථක විමර්ශනයක් සිදුවී නොමැති බවට එම සාමාජිකයන් පොලීසියට චෝදනා කරන පසුබිමක් තුළදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img