Home උණුසුම් පුවත් ආබාධිත සෙබලාගේ නිවසේ විදුලිය කපන්න ආ විදුලි අධිකාරීට ප්‍රහාරයක්

ආබාධිත සෙබලාගේ නිවසේ විදුලිය කපන්න ආ විදුලි අධිකාරීට ප්‍රහාරයක්

0
ආබාධිත සෙබලාගේ නිවසේ විදුලිය කපන්න ආ විදුලි අධිකාරීට ප්‍රහාරයක්

ආබාධිත සෙබලෙකු පදිංචිව සිටින අම්බලන්ගොඩ කුලීගොඩ පිහිටි නිවසක විදුලි විසන්ධි කිරීමට ගිය අම්බලන්ගොඩ විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි පාරිභෝගික අධිකාරිවරයාට සහ ඔහුගේ සහයකයාට ඊයේ (06) පහරදීමක් සිදුවී ඇති බවට අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ නිවෙස් හිමි ආබාධිත සෙබලාට එරෙහිවය. විදුලි අධිකාරීවරයා විසින් පොලීසියට පැමිණිලිකර ඇත්තේ ඔවුන්ට පහරදී රුපියල් ලක්ෂකට අධික වටිනාකමක් ඇති ජංගම දුරකතන දෙකක් ද නිවෙස් හිමියා විසින් කොල්ලකෑ බවය.

ඒ අනුව අම්බලන්ගොඩ පොලීසිය එම ආබාධිත සෙබලාව අත්අඩංගුවට ගෙන ඇත. වසරක් තිස්සේ මෙම නිවසේ විදුලි බිල නොගෙවා තිබීම නිසා විදුලිය විසන්ධි කිරීමට ගිය බව විදුලි අධිකාරීවරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here