Home උණුසුම් පුවත් පියෙකුට හා දියණියකට මරුකැඳවූ සෙල්ෆිය

පියෙකුට හා දියණියකට මරුකැඳවූ සෙල්ෆිය

0
පියෙකුට හා දියණියකට මරුකැඳවූ සෙල්ෆිය

කුඹුක්කන්ආරු ඔය නැරඹිමට ගිය පියෙකු සිය දියණිය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් පය ලිස්සා ඔයට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.

පුලස්තිපුර පොලීසිය සඳහන් කරනු ලබන්නේ මියගොස් ඇත්තේ කාන්තන්කුඩි පදිංචි ඕනෑගම පාසලක ගුරුවරයෙක් වන 46 හැවිරිදි පියෙක් සහ 12 හැවිරිදි දියණියක් බවය.

කාතන්කුඩියේ සිට මෙම පියාත් දියණියත් ඇතුළු පවුලේ කිහිප දෙනෙකු පුලස්තිපුරට පැමිණ ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුර සිදුවූ වහාම සැඬපහරට ගසාගෙන ගොස් අතුරුදන්වූ අය සොයා ක්ෂණිකව පොලීසියත් ප්‍රදේශවාසීනුත් එක්ව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහය ඇතිව මෙහෙයුමක් දියත්කර ඇත. එම මෙහෙයුමේදී පියාගේත් දියණියගේත් සිරුරු හමුවී ඇත්තේ ඔවුන් ඔයට වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 02ක් පමණ දුරින් වූ පරණගම ප්‍රදේශයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here