තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරුණෑගල සල්ලි මැෂිම කඩා මිලියන 9කට වැඩේ දුන්නේ හිරෙන් පැන්න අපරාධකරුවෙක්

    කුරුණෑගල සල්ලි මැෂිම කඩා මිලියන 9කට වැඩේ දුන්නේ හිරෙන් පැන්න අපරාධකරුවෙක්

    කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ පිහිටි මහජන බැංකුවට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් එම යන්ත්‍රය ග්‍රයින්ඩරයකින් කපා රුපියල් ලක්ෂ 90ක මුදලක් නිදහස් දා සොරාගෙන ගොස් ඇත.

    මෙම සොරකම ගැන පොලීසියට පැමිණිල්ලක් මහජන බැංකුවෙන් ලැබී ඇත්තේ ඊයේය.

    මෙම සොරකම සිදුකර ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරයෙන් පළාගිය අපරාධකරුවෙක් බව හෙළිවී ඇත.

    විදූෂ ඉන්ද්‍රජිත් නැමැති ඔහු 30 හැවිරිදි වියේ පසුවන්නෙකි. එප්පාවල පදිංචිකරුවෙක් වන ඔහු බන්ධනාගාරගතව සිට ඇත්තේ 2021 වසරේ සැත්තැම්බර් 26 වෙනිදා මින්නේරිය යුද හමුදා කදවුර ආසන්නයේ පිහිටි රථ ගාලේ තිබුණු ඒ.ටී.එම්. යන්ත්‍රයක් මේ ආකාරයටම කඩා මහා දවාලයේ මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙනි. එහිදී ඔහු එම යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 76ක මුදලක් සොරාගෙන ගොස් තිබුණි.

    මෙම සොරකම ඔහු විසින් සිදුකර ඇත්තේ ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටියේ දොරෙහි “අලුත්වැඩියා කිරීමක් සිදුවෙමින් පවතී“ යනුවෙන් පුවරුවක් සවිකරමින් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img