Home උණුසුම් පුවත් කරුණානිධිගේ පුත් ස්ටාලින් තමිල්නාඩු මහපුටුවට

කරුණානිධිගේ පුත් ස්ටාලින් තමිල්නාඩු මහපුටුවට

කරුණානිධිගේ පුත් ස්ටාලින් තමිල්නාඩු මහපුටුවට

එල්ටීටීඊ හිතවාදී මත දරමින් වරින් වර ශ්‍රී ලංකාවට ගැටලු ඇතිකළ ඉන්දීය දේශපාලකයකු වූ තමිල්නාඩු හිටපු මහඇමති මුතුවෙල් කරුණානිධිගේ පුත්, ඩී.එම්.කේ ප්‍රධානී එම්.කේ. ස්ටාලින් තමිල්නාඩුවේ නව මහඇමතිවරයා ලෙස දිවුරුම් දෙයි.

ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 33 දෙනෙකු සමඟ ඔහු චෙන්නායි හි රාජ් භවන් හිදී ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත් මහතා හමුවේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

ස්ටාලින් මහතා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර පරිපාලන හා පොලිස් සේවා, විශේෂ වැඩසටහන් සහ ආබාධිත පුද්ගලයින්ගේ සුභසාධනය ඇතුළු තවත් අමාත්‍යංශ ගණනාවක් ද ඔහු විසින් දරනු ඇත.

මෙය ඔහුගේ පළමු ධූර කාලයයි.

ඔහු සිය වැඩ බාරගන්නේ රජය දෙවන දෙවන කෝවිඩ් රැල්ල සමඟ සටන් කරන අවස්ථාවකදී ය.

අද උදෑසන ද නව රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here