Home උණුසුම් පුවත් ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා මැරූ හේතුව මාස 6කට පසු එළියට

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා මැරූ හේතුව මාස 6කට පසු එළියට

0
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා මැරූ හේතුව මාස 6කට පසු එළියට

අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම නව සිංහලේ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස පසුගිය කාලයේ පෙනී සිටි ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා වන පතිරණගේ ප්‍රකාශ් තිලිණ කුමාර (34) ඔරුගොඩවත්ත ගුවන්පාලම යටදී කපා කොටා මරා දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙක්ම වැල්ලම්පිටිය පන්සල්හේන පාරේ පදිංචිකරුවන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය. සිව්වැන්නා වෑබඩ පදිංචිකරුවෙකි.

ඩැන් ප්‍රියසාද්ගේ සහෝදරයාව ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කරනු ලබන්නේ පසුගිය වසරේ ජූලි 25 වෙනිදා රාත්‍රී කාලයේ විදුලිය විසන්ධිව පැවති අවස්ථාවේදීය.
කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරනු ලැබුවේ එසේ ඔහුව කපා කොටා මරා දැමීමට යොදාගත් කඩු දෙක වෑබඩ පදිංචි සැකකරුගේත් වැල්ලම්පිටියේ පදිංචි දුලාන් මධුෂංක නොහොත් දුලා නැමැති සැකකරුගේ නිවසේත් සඟවා තිබියදී සොයාගත් බවය. ඊට අමතරව මෙම ඝාතනයට මෙම සැකකරුවන් පැමිණි මෝටර් රථයද පොලීසිය සොයාගෙන තිබේ.

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත සහ බලය පිළිබදව ගැටළුවක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here