තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"75 වසරකට පෙර නිදහස දිනාදුන් අරගලය මෙනෙහි කරමු"

    “75 වසරකට පෙර නිදහස දිනාදුන් අරගලය මෙනෙහි කරමු”

    අද අප සමරන්නේ යටත්විජිත පාලනයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම පමණක් නොව, 1948 පෙබරවාරි 04 වැනිදාට පෙර යටත් විජිත පාලනයට යටත්ව ජීවත් වූ රටවැසියන් විඳි දුක් වේදනාවන් සහ අපට නිදහස දිනා දීමට අපේ මුතුන් මිත්තන් ගෙන ගිය අරගල පිළිබඳ මෙනෙහි කිරීමට අද දිනය අවස්ථාවක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අප දිනූ නිදහස පසුගිය 75 පුරාවට ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන් සටන් වැදි අභීත රණවිරුවන් ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව හෙතෙම කියා සිටී.

    පසුගිය කාලය තුළ ඇතිවූ ආර්ථික පසුබෑම හේතුවෙන් අපේ රට අභියෝග රැසකට මුහුණ පෑ අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබේ.

    ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර අභියෝග ජයගෙන ආර්ථික වශයෙන් යහපත් ප්‍රගතිශීලී ජාතියක් ගොඩනැගීම අප සතු දැඩි අපේක්‍ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

    නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවිඩය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img