තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිදහස් උත්සව කාලයේදී ගාලුමුවදොර පාරවල් අවහිර නොකරන්න උසාවියෙන් තහනම් නියෝගයක්

    නිදහස් උත්සව කාලයේදී ගාලුමුවදොර පාරවල් අවහිර නොකරන්න උසාවියෙන් තහනම් නියෝගයක්

    හෙට (04) දින පැවැත්වීමට නියමිත 75 වැනි ජාතික නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළදී කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයට යන මාර්ග අවහිර නොකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පුද්ගලයින් 27 දෙනකුට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    එඒ ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු වෙත ය.

    කොටුව, කොම්පඤ්ඤවීදිය, සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කළේය.

    නිදහස් උත්සවය පැවැත්වෙන කාලයේදී එය කඩාකප්පල් කිරීම සඳහා ගාලුමුවදොර මාර්ග අවහිර කිරීමට යන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බවට එම පොලිස් ස්ථාන විසින් අධිකරණයට දන්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img