තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවරදී සිද්ධ වූ දේ ගැන පැතිරෙන කතා බොරු -ජනාධිපති කාර්යාලය

    මහනුවරදී සිද්ධ වූ දේ ගැන පැතිරෙන කතා බොරු -ජනාධිපති කාර්යාලය

    මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ(02) පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින, ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම එහිදී සිදුව ඇත.

    මෙම අවස්ථාව සඳහා එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂාව සහිතව මෝටර් රථ මඟින් රැගෙන යාම ද යම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇතැයි එම කාර්යාලය පවසයි.

    පෙබරවාරි 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී සංවිධානය කර තිබූණි.

    ඊට සමගාමීව මෙම වැඩසටහන ද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යෙදුණු බව ජනාධිපති කාර්යාලය කියයි.

    1961 වසරේදී ඇතිකරගත් ලද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළුව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින් තානාපතිවරුන් , මහකොමසාරිස්වරුන් අක්ත පත්‍ර පිරිනැමීමට පැමිණීමේදී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීම කවර ආණ්ඩුවක් පැවතිය ද ශ්‍රී ලංකා රජ්‍යයේ වගවීමක් මෙන්ම වගකීමක් ද වේ.

    එවැනි පසුබිමක ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img