තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතක යුවළ ඇත්තටම රටින් පැන්නාද?

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතක යුවළ ඇත්තටම රටින් පැන්නාද?

    පැලවත්තේ පිහිටි නිවසක තෙවැනි මහලේ පිහිටි නාන තටාකයක ඝාතනය කර දමා තිබියදී සොයාගත් කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතකයින් බවට හදුනාගෙන සිටින සැකකාර යුවල රටින් පළාගොස් ඇති බව කියැවුණත් ඔවුන් සැබෑ ලෙසම රටින් පළාගොස් තිබේදැයි ගැටළුවක් මේ වන විට මතුව තිබේ.

    ඒ ඔවුන් ගුවන් තොටුපොලට ඇතුළුවී විදෙස් ගත වීමට සූදානම් වූවත් ගුවන් ගතවූ බවට කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බැවිනි.

    මෙම කෝටිපති ව්‍යාපාරිකයාව ඝාතනය කර ඇත්තේ පසුගිය 30 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙම ඝාතනය සිදුවන විට මෙම සැකකාර යුවලද එම නිවසේ සිට ඇති බව පොලීසිය කියයි.

    මෙම සැකකාර යුවල කළුබෝවිල පිහිටි ෆාමසියකින් මෙදින සවස 3.22ට පමණ උපත්පාලන කොපු තුනක්ද මිලදී ගෙන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

    එම උපත්පාලන කොපු බවට සැකකරන කොපු 02ක් ව්‍යාපාරිකයා ඝාතනය වූ ස්ථානයේ තිබී හමුවී තිබේ. එයින් එක් කොපුවක් පරිහරණය කර තිබී ඇති බවද පොලීසිය කියයි.

    ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු මෙම යුවල ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිට්කාට්පත් සොරාගෙන එම කාඩ්පතකින් ඉන්දුනීසියාව බලා පළායාමට ගුවන්ටිකට්පත් පවා මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත. ගුවන්තොටුපොලට ඔවුන් දෙදෙනා ගොස් ඇත්තේ ද එම ගුවන් ටිකට්පත් මගින් මලයාසියාව හරහා ඉන්දුනීසියාවට පළායාමේ අපේක්ෂාවෙන් බවද අනාවරණය වී තිබේ.

    ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මෙම යුවල ගුවන් ටිකට්පත් දෙකක් ඔන්ලයින් මිලදී ගැනීමක් ලෙස මිලදී ගෙන ඇති බවත් එම ටිකට්පත් මිලදී ගැනීම් ඇතුළු රුපියල් ලක්ෂ 09ක මිලදී ගැනීම් ඔවුන් කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු රටින් පළායාම සදහා පැලවත්තේ පිහිටි නිවසේ සිට මෙම යුවල අලුයම 1.00ට පමණ ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක බලා පිටත්ව ගොස් ඇත.

    ජා-ඇල ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව මග නතර වී ඇති බවද පොලීසිය කියයි.

    එහිදී ඔවුන් ආපදා රථයක් ගෙන්වාගෙන එම රථය මීගමුවේ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයකටද රැගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

    එම වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථානය ඉදිරිපිට මාර්ගයේ නතරකර තිබුණු මෙම රථය අද අලුයම පොලීසිය විසින් සොයාගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img