Home උණුසුම් පුවත් සුසන්තිකාට තනතුරක්

සුසන්තිකාට තනතුරක්

සුසන්තිකාට තනතුරක්

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සඳහා උපදේශිකාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබේ.

2023 පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ, මෙරට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ක්‍රීඩිකාවයි.

ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වටිනා සම්පතක් වනු ඇති බව ද එම නිවේදනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here