Home උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය සේවා වෘත්තිය සමිති ගණනාවක් 8 වැනිදා වර්ජනයකට සැරසෙයි

අත්‍යාවශ්‍ය සේවා වෘත්තිය සමිති ගණනාවක් 8 වැනිදා වර්ජනයකට සැරසෙයි

අත්‍යාවශ්‍ය සේවා වෘත්තිය සමිති ගණනාවක් 8 වැනිදා වර්ජනයකට සැරසෙයි

අත්‍යාවශ්‍ය සේවා කිහිපයක වෘත්තීය සමිති විසින් නව ආදායම් බද්දට එරෙහිව වැඩවර්ජනයක් සංවිධානය කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා අංශයේ වෘත්තීය සමිති 40කට ආසන්න සංඛ්‍යාවක් ලබන 08 බදාදා වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වරාය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වර්ජන ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති වෘත්තීය සමිති අතර ඛනිජ තෙල්, විදුලිය, වරාය, ජලය සහ සෞඛ්‍ය වෘත්තීය සමිති ද සිටින බව වාර්තා වේ.

එදින වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කීය.

අදාළ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය අපොහොසත් වුවහොත් තමන් ද වර්ජනයට සහභාගී වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය ප්‍රකාශ කළේය.

නව අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here