තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෝටිපති නිමි ඇඳුම් සාප්පු හිමිකරුගේ මරණය ඝාතනයක් බව හෙළිවේ

    කෝටිපති නිමි ඇඳුම් සාප්පු හිමිකරුගේ මරණය ඝාතනයක් බව හෙළිවේ

    පැලවත්තේ පිහිටි තෙමහල් නිවසක ඉහළ මහලේ ඇති පිහිණුම් තටාකයේ මියගොස් සිටියදී සොයාගත් නිමි ඇදුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු වන කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මරණය ඝාතනයක් බව හෙළිවී තිබේ.

    මළ සිරුර හමුවන විට තිබී ඇත්තේ නිරුවතින් බව පොලීසිය කියයි. සිරුර ඇදගෙන විත් පිහිණුම් තටාකයට දමා ඇති බව පෙනී යන්නේ යැයි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මළ සිරුර බිම දිගේ ඇදගෙන ගිය බවට වූ ලේ පහර සලකුණු පවා එහි තිබෙන බව ද එම නිලධාරියා කීය.

    මෙම ව්‍යාපාරිකයාගේ යට ඇදුම් මෙන්ම තවත් ඇදුම් කිහිපයක්ම පිහිණුම් තටාකය ආසන්නයේ තිබී හමුවී ඇත. මෙම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයද අතුරුදන් වී ඇති අතර එය ඝාතකයා විසින් රැගෙන යන්නට ඇති බව සැකකරයි. මෙම ඝාතනයට කාන්තාවක් ඇතුළු පිරිසකගේ සම්බන්ධයක් ඇති බවට සැකයක්ද මතුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img