Home දේශීය පුවත් කෝටි 200 මත්කුඩු ගොඩබිමට රැගෙන ආ බෝට්ටුකරුවන් 04ක් ලක්ෂ 39ක් එක්ක අල්ලයි

කෝටි 200 මත්කුඩු ගොඩබිමට රැගෙන ආ බෝට්ටුකරුවන් 04ක් ලක්ෂ 39ක් එක්ක අල්ලයි

0
කෝටි 200 මත්කුඩු ගොඩබිමට රැගෙන ආ බෝට්ටුකරුවන් 04ක් ලක්ෂ 39ක් එක්ක අල්ලයි

රුපියල් කෝටි 200කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් පසුගිය 14 වෙනිදා දකුණු වෙරළ තීරයෙන් ගොඩබිමට රැගෙන විත් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.

මෙම හෙරොයින් ගොඩබිම රැගෙන ආ බහුදින යාත්‍රාවේ සිටි සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 39කට ආසන්න මුදලක්ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ (02) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්තානයේ සිට රැගෙන පැමිණි මෙම හෙරොයින් තොගය හොර පාරෙන් මෙදින ගොඩබිමට රැගෙන විත් මේ වන විටත් බෙදාහැර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කර ඇති විමර්ශනයකදී හෙළිවී ඇත.

මෙම බහුදින යාත්‍රාවේ 06 දෙනෙක් ගමන්කර ඇති බවත් ඒ අයට මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒම වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් මුදල් ලැබී ඇති බවද විමර්ශන වලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් දික්වැල්ල, නාකුළුගමුව, උණාකූරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here