Home දේශීය පුවත් හරක් කටාගේ අනියම් පෙම්වතිය සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වූ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

හරක් කටාගේ අනියම් පෙම්වතිය සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වූ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

0
හරක් කටාගේ අනියම් පෙම්වතිය සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වූ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

ඩුබායි හී රැදී සිටිමින් මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ අනියම් බිරිඳ බව කියන ටීනා නැමැත්තිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මාතර පොලිස් අධිකාරීවරයා විසින් කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඊයේ (01) සිට ක්‍රියාත්මක වන ලෙසිනි.

රාජපක්ෂ පතිරණලාගේ තිළිණි නිෂාදි නොහොත් ටීනා නැමැති 31 හැවිරිදි මෙම කාන්තාව හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800ක් සමඟ මහරගම උඩහේන පාරේ නිවසක රැදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය 18 වෙනිදා අත්අඩංගුවට ගෙන තිහගොඩ පොලිස් ස්ථානයට භාරදෙන ලදි.

ඇය මේ වන විට සිටින්නේ රදවා ගැනීමේ නියෝගයක් මත පොලිස් භාරයේය. කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයෙක් සමඟ ඇය අනියම් ඇසුරක් පවත්වමින් සිටින බවට තොරතුරු හෙළිවී ඇත්තේ ඇයව රදවාගෙන කරනු ලබන විමර්ශන වලින් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here