මුල් පිටුව උණුසුම් පුවත් සරසවි සිසුවියගේ ගෙල කපා මැරූ සිසුවා යළිත් රක්ෂිතයට

සරසවි සිසුවියගේ ගෙල කපා මැරූ සිසුවා යළිත් රක්ෂිතයට

0

කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සරසවි සිසුවා අද (30) පෙබරවාරි 13 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවති අවස්ථාවේදී මෙසේ සැකකාර සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

මෙම ඝාතනය සිදුවී තිබුණේ පසුගිය 17 වෙනිදාය. මෙදින මුලින්ම සැකකාර සිසුවා විසින් සිසුවියව ඝාතනය කිරීමට උත්සහා දරා තිබුණේ නිදහස් චතුරශ්‍රයේදීය. ස්ථාන හතරකදී මෙදින ඇයව මරා දැමීමට ඔහු උත්සහා දරා ඇති අතර සිව් වැනි අවස්ථාව ලෙස ඇයව මරා දමා තිබුණේ තුරඟ තරග පිටියේදීය.

සිසුවිය ඝාතනය කිරීමෙන් පසු ඔහු දුම්රියට ගෙල තබා සිය දිවි හානිකර ගැනීමට උත්සහා දරා තිබුණු අතර පසුව ඔහු කැලණි ගඟට පැන සිය දිවි හානිකර ගැනීමටද උත්සහ දරා තිබුණි.

සැකකාර සිසුවා මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version