මුල් පිටුව special දකුණු කොරියාවේ දරු උපත් වැඩිකරගන්න අලුත් වැඩක්

දකුණු කොරියාවේ දරු උපත් වැඩිකරගන්න අලුත් වැඩක්

0

දකුණු කොරියාවට දැඩි අභියෝගයක්ව පවතින ඉතා පහළ මට්ටමක පවතින දරු උපත් අනුපාතය වර්ධනය කිරීමට එරට රජය විසින් නව අමාත්‍යාංශයක් පිහිටුවීමට තීරණය කර ඇත.

මෙම නව අමාත්‍යාංශය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මුල් වරට අනාවරණය කළේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ උපත් අනුපාතය වර්ධනය කිරීම උදෙසා ස්ථාපිත කිරීමට නියමිත අමාත්‍යාංශය සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගීතාව ඉල්ලා සිටින බවයි.

“ දරු උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළයාම ජාතික ආපදා තත්ත්වයක් විදිහට සැලකිය යුතුයි. ඒ සඳහා අපි සතු සියලුම හැකියාවන් යොදා ගතයුතුයි“ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලොව පහළතම සාඵලයතා අනුපාතය පවතිනු ලබන්නේ දකුණු කොරියාව තුලයි. සාඵලයතා අනුපාතය මගින් සාමන්‍යයක් ලෙස කාන්තාවක් සිය ජීවිත කාලය තුලදී බිහිකරනු ලබන දරුවන් සංඛ්‍යාව සලකා බලනු ලබයි. ඒ අනුව දකුණු කොරියාවේ සාඵලයතා අනුපාතය මේවන විට 0.72ක අගයක පවතී. ඒ පෙර වසරට සාපෙක්ෂව පහළ යාමකි.

මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියාවේ ජනගහනය ඉදිරියේදී සීඝ්‍රයෙන් පහළයාමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර එම තත්ත්වය වලක්වා ගැනීමට නම් සාඵලයතා අනුපාතය 2.1 එනම් එක් කාන්තාවක් දළ වශයෙන් සිය ජීවත කාලයේදී දරුවන් දෙදෙනෙකුවත් බිහි කළයුතු වේ.

කෙසේවෙතත් මෙවැනි අනුපාතයක් දකුණු කොරියාව තුල අත්පත් කරගැනීමට දැඩි අභියෝගයක් ව ඇත. ඒ අනුම මීට පෙර දකුණු කොරියානු රජය විසින් උපත් අනුපාතය වර්ධනය කිරීමට ඩොලර් බිලයන 200ක මුදල් වැය කළද එයද අසාර්ථක විය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේසඥයින් පෙන්වා දෙන්නේ, දකුණු කොරියාවේ පවතින අධික ජීවන වියදම, ජීවන රටාවන් සහ තරුණ පිරිස් විවාහ වීමට පවතින දැඩි අකමැත්ත බවයි.

ජනගහන අනුපාතය දකුණු කොරියාවට මෙන්ම ජපනායටද දැඩි ලෙස බලපා ඇති අතර මෑතකදී චීනයද සිය ජනහගහන වර්ධන වේගය විශාල වශයෙන් මන්දගාමී වීම පිළිබඳ දැඩි අවදානයක් යොමුකරනු ලැබීම විශේෂත්වයකි.

නුවන් සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version