මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක්ෂයි මාධ්‍යවේදියයි රිමාන්ඩ්

පාර්ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක්ෂයි මාධ්‍යවේදියයි රිමාන්ඩ්

0

ජංගම දුරකතනයකින් පාර්ලිමේන්තුව වීඩියෝගත කරමින් සිටියදී අත්අඩංගුවටගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ මාධ්‍යවේදියා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද සවස ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විම්ෂන් ක්‍රියේෂන්ස් නැමැති ආයතනයේ චිත්‍රපට අධ්‍යක්ෂ බව කියන එස්. විමලරාජ් (31) නැමැති යාපනය වෛමන් පාරේ පදිංචිකරුවෙක් සහ එන්ස්පෝසර් ඩිජිටල් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන එම්.එන්.එම්. සාදීර්(22) නැමැති මහනුවර මහයියාවේ පදිංචිකරුවෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරග කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාව පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයට භාරදී තිබුණේ ඊයේ (29)ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version