Home උණුසුම් පුවත් පුපුරණ ද්‍රව්‍යත් අරන් නිධානයක් ගොඩ ගිය මන්ත්‍රී අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍යත් අරන් නිධානයක් ගොඩ ගිය මන්ත්‍රී අත්අඩංගුවට

0
පුපුරණ ද්‍රව්‍යත් අරන් නිධානයක් ගොඩ ගිය  මන්ත්‍රී අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ලොරි රථයක පටවාගෙන ගමන් කරමින් සිටි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව උඩදුම්බර පොලීසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මන්ත්‍රීවරයා එකමුතු ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරයෙක් වන සවුන්දරරාජා විජයකුමාර් නැමැති අයෙක් බව පොලීසිය කියයි.

දිගන රජවැල්ලේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා නිධානයක් ගොඩගැනීමට සූදානම් වන බවට උඩදුම්බර පොලීසියට ලද තොරතුරකට අනුව ඔහු ගමන් කරමින් සිටි ලොරි රථය මැදමහනුවර රජගල ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ.

ඩයිනමයිට් කරල් 03ක්, ඩෙටනේටර් 05ක්, අඩි 08යි අගල් 08ක් දිග සේවා නූලක්, ඇමෝනියා ග්‍රෑම් 335ක් සහ කළු වෙඩි බෙහෙත් ග්‍රෑම් 450ක් ලොරි රථයේ තිබුණු බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here