Home උණුසුම් පුවත් ප්‍රථම වරට SLBFE වෙතින් එකවර රුපියල් බිලියන 3ක් මහභාණ්ඩාගාරයට

ප්‍රථම වරට SLBFE වෙතින් එකවර රුපියල් බිලියන 3ක් මහභාණ්ඩාගාරයට

ප්‍රථම වරට SLBFE වෙතින් එකවර රුපියල් බිලියන 3ක් මහභාණ්ඩාගාරයට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ඊයේ දින මහා භාණ්ඩාගාරය වෙත එකවර රුපියල් බිලියන තුනක මුදලක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කරන ලදි.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් එකවර රුපියිල් බිලියන තුනක් ලබා දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙයට පෙර ඉතිහාසය පුරා මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3382කි.

රටේ පවතින ආර්ථික තත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම මුදල ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය වසරේදී ලබාගෙන ඇති මෙහෙයුම් අතිරික්තයෙනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මිලියන 500 ක් ප්‍රදානය කරන අතර එයින් මිලිය 100 ක් මේ වන විට ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here