Home උණුසුම් පුවත් ඇල්ලේ යමින් සිටි සංචාරකයාගේ ගමන් මල්ල දුම්රියේදී උස්සයි

ඇල්ලේ යමින් සිටි සංචාරකයාගේ ගමන් මල්ල දුම්රියේදී උස්සයි

0
ඇල්ලේ යමින් සිටි සංචාරකයාගේ ගමන් මල්ල දුම්රියේදී උස්සයි

ඇල්ල බලා දුම්රියෙන් ගමන් කරමින් සිටි මෙරට සංචාරයේ පැමිණි දෝහා කටාර් ජාතිකයෙකුගේ ගමන් මල්ලක් ඊයේ සොරාගෙන තිබේ.

එම ගමන් මල්ලෙහි රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති මුදල්, ලැප්ටොප් පරිගණකයක්, ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී ඇතැයි සංචාරකයා දියතලාව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.

ඇල්ල බලා ගමන් කිරීමට මෙම සංචාරකයා දුම්රියට ගොඩවී ඇත්තේ හැටන් වලිනි.

ඔහිය දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවූ පුද්ගලයෙක් මෙම විදේශිකයා සමඟ හිතවත්කමක් ඇතිකරගෙන දියතලාව දුම්රිය ස්ථානයෙන් බැසින විට බෑගය රැගෙන ඔහු පළාගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here