තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

    රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

    රාජ්‍ය සේවක වැටුප ජනවාරි 25 වැනි දා නියමිත පරිදි ගෙවීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කීය.

    ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145කි.

    රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා තිබේ.

    ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇත.

    නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිගයක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img