තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් එක් මංතීරුවක් වෙයි

    කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් එක් මංතීරුවක් වෙයි

    කාපට් ඇතිරීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ එක් මංතීරුවක වාහන ධාවනය ලබන 24 වැනිදා සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පෙන්වාදෙන්නේ ලබන 24 වැනිදා සිට පෙබරවාරි මස පළමු වැනිදා දක්වා අදාළ කොටසේ වාහන ධාවනය සිදුවන්නේ එක් මංතීරුවක පමණක් බවය. 

    මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වු කොටසේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් සිදුකර තිබේ.

    ඒ අනුව මහනුවර සිට පැමිණෙන වාහන මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර මීරිගම හරහා පස්යාල හංදියට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි වන අතර කොළඹ සිට පැමිණෙන වාහන පස්යාල හංදියෙන් මීරිගමට පැමිණ මීරිගම හරහා කුරුණෑගලට ගොස් මහනුවර දෙසට ගමන් කළ හැකි වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img