Home උණුසුම් පුවත් FIFA වෙතින් ශ්‍රී ලංකාවට තහනමක්

FIFA වෙතින් ශ්‍රී ලංකාවට තහනමක්

FIFA වෙතින් ශ්‍රී ලංකාවට තහනමක්
African American young boy playing soccer in a stadium pitch. Child running with soccer ball along the field white sideline. Junior soccer background

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත යළි දැනුම්දෙනතෙක් තහනමක් පනවා තිබේ.

ඒ ඊයේ(21) සිට ක්‍රියාත්මක වන පරිදි ය.

සිය සාමාජික සංගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් FIFA මහලේකම් ෆට්මා සමෝරා සඳහන් කර ඇත්තේ 2023 ජනවාරි 21 වන දින FIFA කවුන්සිලයේ කාර්යාංශය විසින් ගනු ලැබූ තීරණයේ ප්‍රතිඵලයක් ලෙස, FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තියට අනුව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවා ඇති බවයි.

ඒ යටතේ 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි, FIFA ප්‍රඥප්තිවල 13 වැනි වගන්තියේ අර්ථ දැක්වීමට අනුව, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හට එහි සියලුම සාමාජික අයිතිවාසිකම් නැවත දැනුම් දෙන තුරු අහිමි වේ.

එබැවින් මෙම අත්හිටුවීම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නියෝජිතයින්ට සහ පාපන්දු සමාජවලට තවදුරටත් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට අයිතියක් නැත.

‘මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන හෝ එහි සාමාජිකයින් හෝ නිලධාරීන් කිසිවකුට FIFA සහ/හෝ AFC වෙතින් වන කිසිදු සංවර්ධන වැඩසටහන්, පාඨමාලා හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.’

අවසාන වශයෙන්, ඔහු ලිපිය මගින් පවසා ඇත්තේ මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට පෙර ඕනෑම අවස්ථාවක FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA කවුන්සිලය මෙම අත්හිටුවීම ඉවත් කළ හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here