Home උණුසුම් පුවත් බඹරගල වෛත්‍ය හෑරූ උසාවි මුරපොලේ රාළහාමි අත්අඩංගුවට

බඹරගල වෛත්‍ය හෑරූ උසාවි මුරපොලේ රාළහාමි අත්අඩංගුවට

0
බඹරගල වෛත්‍ය හෑරූ උසාවි මුරපොලේ රාළහාමි අත්අඩංගුවට

තෙල්දෙණිය බඹරගල රජමහා විහාරස්ථානයේ චෛත්‍ය බිද එහි තැන්පත්කර ඇති නිධන් වස්තු සොරා ගැනීමට උත්සහා දැරීමකට සම්බන්ධ මහනුවර උසාවි මුරපොලට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුව තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඩබ්ලිව්. එම්. වී.එස්. විජේසිංහ නැමැති කොස්තාපල්වරයාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

විහාරස්ථානයේ චෛත්‍ය බිද එහි ඇති නිධන් වස්තු සොරා ගැනීමට උත්සහ දරා ඇත්තේ පසුගිය දෙසැම්බර් 09 වෙනිදාය. ඊට සිව් දෙනෙකුගේ කල්ලියක් සම්බන්ධව ඇති අතර එයින් තිදෙනෙකුම එම දෙසැම්බර් 12 වෙනිදා වන විට අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් නිලධාරියා ඇතුළු සැකකරුවන් සිව් දෙනා දිගන හා ඒ අවට පදිංචිකරුවන්ය.

විහාරාධිපතිහිමියන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන ඔවුන් පෙර දිනයේ විහාරාධිපතිහිමියන්ව උපක්‍රම ශීලීව විහාරස්ථානයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශණ වලින් පෙනී ගොස් ඇත.

විහාරාධිපති හිමියන්ගේ කුටියේ මත්පැන් පානයකරමින් රැදී සිට පසුව චෛත්‍ය බිද ඇති බව පොලීස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here