Home උණුසුම් පුවත් ඉන්දියාවේ හිරේ ඉන්න පාතාලයා කලපලුවාවේ වෙඩි පත්තුකරයි

ඉන්දියාවේ හිරේ ඉන්න පාතාලයා කලපලුවාවේ වෙඩි පත්තුකරයි

0
ඉන්දියාවේ හිරේ ඉන්න පාතාලයා කලපලුවාවේ වෙඩි පත්තුකරයි

රජගිරිය – බුත්ගමුව පාරේ කලපලුවාවේ පිහිටි අබිලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ස්ථානයක රැදී සිටි පුද්ගලයෙකුට වෙඩිතබා කළ ඝාතනය, පාතාලයේ ගැටුමක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඉලක්කය වී ඇත්තේ එම අබිලි ද්‍රව්‍ය මිලදීගැනීමේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වූවත් ඉලක්කය වැරදී ගොස් එහි සේවයේ නිරතව සිටි 65 වියැති පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකුගේ ඥාතියෙකුගේ බව පොලීසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබුවේ ඊයේ සවස් කාලයේදීය.

මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ ඉන්දියාවේ හිර ගෙදරක රැදී සිටින පාතාල අපරාධකරුවෙක් විසින් බව පොලීසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here