තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගය වෙනුවෙන් බස් - දුම්රිය වැඩකරන්නේ මෙහෙමයි..

    උසස් පෙළ විභාගය වෙනුවෙන් බස් – දුම්රිය වැඩකරන්නේ මෙහෙමයි..

    උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලසුමක් හෙට සිට ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක සිසුසැරිය සියලුම බස් රථ හෙට සිට උසස් පෙළ විභාගය අවසන් වනතෙක් ‘එක දරුවෙක් සිටියද’ ධාවනය කළ යුතු බවට බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    එමෙන්ම මීට පෙර සිසුසැරිය බස් රථවල ගමන් කළ හැකිව තිබුණේ සිසුන්ට දහ ගුරුවරුන්ට පමණක් වුවද, හෙට සිට උසස් පෙළ විභග මධ්‍යස්ථාන වෙත යන එම සිසුන්ගේ මාපියන්ට හා විභාග මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලවලට ද එහි ගමන් කිරීමට පහසුකම් සලසා ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

    දීප ව්‍යාප්තව සිසු සැරිය බස් 1617ක් පවතී. ඉන් ලංගමට අයත් බස් රථ 698ක් සහ පෞද්ගලික බස් රථ 91ක් ඇත.

    මීට පෙර සිසු සැරිය සඳහා සෑම කිලෝමීටරයකටම රුපියල් 88ක සහනාධාරයක් ලබාදී ඇති අතර එය මෙම මාසයේ සිට රුපියල් 105ක් දක්වා වැඩි කර ඇති බව ද මිරැන්ඩා මහතා පැවසීය.

    සිසුසැරියෙන් බැහැරව ඇති සියලුම බස් රථ හා ප්‍රවාහන සේවාවන් මෙම දිනවල දී සිය ප්‍රවාහන කටයුතු නිසි පරිදි අවධානය යොමුකොට සිදුකරන ලෙසට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.

    මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 22ක කාලය තුළ දුම්රිය ධාවන සැලසුමක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජී. ඉදිපොළගේ මහතා පවසයි.

    ඒ අනුව පසුගිය දිනවල අවලංගු කරන ලද දුම්රිය වාරවලින් උදෑසන 7ත් සවස 5ත් අතර කාලය තුළ අවලංගු වූ දුම්රියන් සියල්ලම පාහේ උසස් පෙළ විභාග දිනවලදී යළි ධාවනය කරවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රියන් 12ක් ද මුහුදුබඩ මාර්ග‍යේ දුම්රිය ගමන් වාර 4ක් ලෙස දුම්රිය ගමන් වාර 16ක් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පහසුව තෙක් ධාවනය වේ.

    දැනට ක්‍රියාත්මක දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනයට යෙදවේ.

    අපොස උසස් පෙළ විභාගය හෙට(23) සිට පෙබරවාරි 17 වැනිදා තෙක් පැවැත්වේ.

    දීප ව්‍යාප්ත විභාග මධ්‍යස්ථාන 2200ක දී සිසුන් 331709ක් ඊට මුහුණදීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img