Home උණුසුම් පුවත් රේස්කෝස් පිටියේ ඝාතනය: සැකකරු මානසික ආතතියට බෙහෙත් ගත් අයෙක්

රේස්කෝස් පිටියේ ඝාතනය: සැකකරු මානසික ආතතියට බෙහෙත් ගත් අයෙක්

0
රේස්කෝස් පිටියේ ඝාතනය: සැකකරු මානසික ආතතියට බෙහෙත් ගත් අයෙක්

කොළඹ තුරඟ තරඟ පිටිය පිටුපස පාපන්දු සම්මේලන ගොඩනැගිල්ල අසල දී සරසවි සිසුවියක ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු මානසික ආතතියට ඖෂධ ලබාගන්නා පුද්ගලයෙක් බව ඔහුගේ මාපියන්ගෙන් කළ ප්‍රශ්න කිරීමක දී අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකාර විශ්වවිද්‍යාල සිසුවාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ චතුරි හංසිකා නම් මෙම තරුණිය තමාට අහිමි වේ යැයි සිතා ඇයව ඝාතනය කළ බව ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

ඝාතනයට ලක්වූ තරුණිය සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යන දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 24 වැනි වියේ පසුවූවන් ය.

සබැඳි පුවත්
රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්
තුරඟ තරග පිටියේදී සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here