තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්

    රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්

    කොළඹ තුරඟ තරඟ පිටියේදී අද දින සරසවි සිසුවියකගේ ගෙල කපා පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසුවා සාමාන්‍ය පෙළ සිසුන්ට ගණිතය විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

    සැකකරු වැල්ලම්පිටියේ සිය නිවස වෙත සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙම සිසුවා සිය පෙම්වතියව ඝාතනය කිරීමෙන් පසු ලේ තැවරුන පිහියද රැගෙන පලා යන ආකාරය ආරක්ෂක කැමරා රැසක සටහන්ව තිබි ඇත. එම ඡායාරූපයක් පහත දැක්වේ.

    සිය පෙම්වතිය ඝාතනය කිරීමට මුල් වූයේ කුමක්දැයි සිසුවාගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img