තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දත් ටික පරෙස්සමෙන් - බෙහෙත් හිඟයි

    දත් ටික පරෙස්සමෙන් – බෙහෙත් හිඟයි

    මේ වනවිට රජයේ රෝහල් ආශ්‍රිතව දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා පැවසුවේ, දත් පිරවීම්, ස්නායු පිරවීම්, විකලාංග ප්‍රතිකාර සහ දන්ත සංරක්ෂණය ඇතුළු ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

    එම තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

    මේ අතර, පවතින ඖෂධ හිඟය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img