Home උණුසුම් පුවත් පොලිස් කොල්ල කල්ලියක් පස්සේ පොලීසිය පන්නයි

පොලිස් කොල්ල කල්ලියක් පස්සේ පොලීසිය පන්නයි

0
පොලිස් කොල්ල කල්ලියක් පස්සේ පොලීසිය පන්නයි

කොටුගොඩ කසගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා ආනයනික රූපලාවන්‍ය ආලේපන හා උපකරණ තොගයක් කොල්ලකා පළා ගොස් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කොල්ලකල්ලියක් අත්අඩංගුවට ගැනීමට සීදූව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 12 වෙනිදා රාත්‍රී කාලයේදීය. පොලීසියෙන් යැයි කියාගෙන එම නිවසට කඩාවැදී මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් මුවාවෙන් එම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය කියයි.

මෙම කොල්ලකරුවන් මොරටුව හා මිරිහාන පැත්තේ කරක් ගසන පිරිසක් බව දුරකතන ජාල විශ්ලේෂණයකදී පෙනී ගොස් ඇත. කොල්ලකල්ලිය සිව් දෙනෙකුගෙන් සමන්විත අතර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අය බවද පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here