මුල් පිටුව උණුසුම් පුවත් උසාවි බිමේ වාහනවල බැටරි ගැලවූ රාළහාමිට වැඩ වරදී

උසාවි බිමේ වාහනවල බැටරි ගැලවූ රාළහාමිට වැඩ වරදී

0
two arrest

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩ ලෙස ගාල්කර තිබුණු ලොරි රථයක සහ ත්‍රීරෝද රථයක බැටරි ගලවා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙක් කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත්බව කල්පිටිය පොලීසිය කියයි.

ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ බැටරි ගලවා ඇත්තේ මෙම පොලිස් නිලධාරියා විසින්ම බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. අනතුරුව ඔහු එම බැටරි දෙක පුත්තලමේ පදිංචි පරණ යකඩබඩු මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකුට රුපියල් 4500ක මුදලකට අලෙවිකර ඇත. ඒ පසුව මුදල් ලබාදෙන පොරොන්දුව මතය. එම ව්‍යාපාරිකයා ගෝලයෙක් සමඟ අධිකරණය අසලට පැමිණ බැටරි දෙක ලොරියේ පටවාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version