මුල් පිටුව උණුසුම් පුවත් පාතාල අපරාධකරුවෝ 2ක් පිස්තෝලයක් සමඟ කොටුවෙයි

පාතාල අපරාධකරුවෝ 2ක් පිස්තෝලයක් සමඟ කොටුවෙයි

0

ඇල්පිටිය පොලිස් වසමේ යක්කඩුවේදී පුද්ගලයෙකුට පසුගිය දෙසැම්බර් 23 වෙනිදා වෙඩි තබා යතුරුපැදියකින් පළාගිය පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලය සහ වෙඩි තැබූ අවස්ථාවේදී ඔවුන් ගමන් කළ යතුරු පැදියද විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 39ත් අතර වසයස්වල පසුවන ඇල්පිටියේ පදිංචිකරුවන්ය.

යතුරුපැදිය සොයාගෙන ඇත්තේ කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව ප්‍රදේශයේ සඟවා තිබියදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version