තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්දට-ගෝඨාභයට දැමූ තහනම ගැන කැනඩාවට රජයෙන් ප්‍රතිචාර

    මහින්දට-ගෝඨාභයට දැමූ තහනම ගැන කැනඩාවට රජයෙන් ප්‍රතිචාර

    හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු මෙන්ම එකම පවුලේ සොහොයුරන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් මෙරට රජය අද කැනඩා රජය වෙත බලවත් කනගාටුව ප්‍රකාශ කර තිබේ.

    ඒ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (11) මෙරට සිටින කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස් ඩැනියෙල් බූඩ් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කිරීමේදී ය.

    එහිදී අමාත්‍යවරයා මෙම පුද්ගලයන් සිව්දෙනාට එරෙහිව කැනඩා රජය ඒකපාර්ශ්වික සම්බාධක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් පවසා තිබුණේ තහවුරු නොකළ චෝදනා මත මෙලෙස සම්බාධක පනවා ඇති බවයි.

    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් වන මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිටත් මෙම සම්බන්ධක පනවා ඇති බව කැනඩා රජය ඊයේ නිවේදනය කර තිබුණි.

    සම්බාධක පැනවීමට හේතුව ලෙස කැනඩා රජය දක්වා තිබුණේ 1983 සිට 2009 දක්වා පැවති ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව අදාළ සම්බන්ධක පනවා ඇති බව ය.

    සබැඳි පුවත්
    මහින්දට – ගෝඨාභයට කැනඩාවෙන් තහනමක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img