තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් ලබන වාරයේ සිට

    සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් ලබන වාරයේ සිට

    සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයකින් එම ගුරුවරුන් තෝරාගන්නා අතර මුලදී පරිවාස මට්ටමෙන් ගුරු පත්වීම් ප්‍රදානය කර, ඩිප්ලෝමාව ලබාගත් පසුව ස්ථිර සේවයට එක්කරන බව ද අධ්‍යාපන ඇමතිවරයා කීය.

    විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබාදෙන බවද අධ්‍යාපන ඇමතිවරයා කීය.

    පළාත් මට්ටමේ පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීමේ හැකියාවක් බලධාරීන්ට තිබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img