තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රුපියලක්වත් අඩුකරන්නෙ නෑ" - බස් සංගම්

    “රුපියලක්වත් අඩුකරන්නෙ නෑ” – බස් සංගම්

    බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්දයෙන් ප්‍රවාහන බලධාරීන් සමඟ අද (9) පෙරවරුවේ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්ව ඇත.

    රුපියලකින් හෝ බස් ගාස්තු අඩු කරන ලෙස මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන බලධාරීන් බස් සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.

    බස් සංගම් නියෝජිතයන් එම යෝජනාවට එකඟවී නැත.

    එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් බස් සංගම් සඳහන් කළේ සාකච්ඡා පැවැත්වුවද මේ මොහොතේ බස් ගාස්තු අඩුකිරීමට නොහැකි බවයි.

    “බස් රථ අමතර කොටස්වල මිල සියයට 500න් පමණ ඉහළගොස් තිබෙනවා. ඒවාට විසඳුම් ලබා නොදී ඡන්දයට මුවාවී ආණ්ඩුව බස්ගාස්තු පහළ දමන්න හදනවා. ඒ නිසා පෞද්ගලික බස් කර්මාන්තකරුවා හා සේවකයාව දඩමීමා කරගෙන බස් ගාස්තු අඩුකිරීමක් ගැන මේ මොහොතේ කතා කළ නොහැකි” යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

    “ගාස්තු අඩු කරන්න නම් ඒ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය මුලික පියවර කිහිපයක් තියෙනවා ඒවා දැනුම්දෙන්න ඉදිරියේ දී කටයුතු කරනවා” යැයිද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img