Home උණුසුම් පුවත් දෙතුන්දෙනෙකුගේ නොමනා වැඩ නිසා රුමේනියාවේ රැකියා දහස් ගණනක් නොලැබීමේ අවදානමක් (📹)

දෙතුන්දෙනෙකුගේ නොමනා වැඩ නිසා රුමේනියාවේ රැකියා දහස් ගණනක් නොලැබීමේ අවදානමක් (📹)

දෙතුන්දෙනෙකුගේ නොමනා වැඩ නිසා රුමේනියාවේ රැකියා දහස් ගණනක් නොලැබීමේ අවදානමක් (📹)

රුමේනියාවට මෙරටින් රැකියා සඳහා ගිය කීපදෙනකුගේ නොමනා වැඩ නිසා නිසා දැන් රුමෙනියාවේ විශාල රැකියා වෙළෙඳපොළක් අහහිමි වීමේ අවදානමක් ඇතැයි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

රුමේනියාවෙන් ගිය වසරට වඩා දෙගුණයක් මේ වසරේදී මෙරටට රැකියා අවස්ථා ලබාදීමට මෙරට සිටින රුමේනියානු තානාපතිවරයා පොරොන්දු වී ඇතැයි අමාත්‍යවරයා කියාසිටියේ විදේශ රැකියාවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ය.

2022 වසරේදී 7479 දෙනෙක් රුමේනියාවට විදේශ රැකියා සදහා ගොස් ඇතැයි ද ඔහු කීය. මේ වසරේදී එය දෙගුණයක් වීමට අවස්ථාව පවතී.

“මං හිතන්නේ රුමේනියානු රාජ්‍ය අපි හිතුවට වඩා ලොකු රැකියා වෙළෙඳපොළක්. සමහරු හිතාගෙන ඉන්නවා රුමේනියාවට ගියාම යුරෝපයට පනින්න පුළුවන් කියලා. ඒ නිසා රුමේනියානු රැකියාවලට ලොකු ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. එහෙම රුමේනියාවෙන් වෙන රටකට පැනලා යන්න, වෙන රටක පුරවැසිභාවය ගන්න බලාගෙන ඉන්නවා. රුමේනියාව ඉතා දැඩිව ඒ නීති රීති ක්‍රියාත්මක කරන රටක්. ඒ නිසා ඒක වැරදි අවබෝධයක්.” යැයි කී අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here