Home උණුසුම් පුවත් පළාත් දෙකකට කුඩු බෙදන මහමොළයක් අල්ලයි

පළාත් දෙකකට කුඩු බෙදන මහමොළයක් අල්ලයි

0
පළාත් දෙකකට කුඩු බෙදන මහමොළයක් අල්ලයි

වයඹ සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව මත්කුඩු බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු ඔහුගේ බිරිඳ සහ තවත් අයෙකු සමඟ මාවතගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි හී රැදී සිටින කොස්ගොඩට සම්බන්ධකම් ඇති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ජාලයකට සම්බන්ධ මෙම ජාවාරම්කරුවන් කාලයක් තිස්සේ වයඹ සහ මධ්‍යම පළාත් ආශිතව මත්කුඩු බෙදා හරින බව විමර්ශන අනාවරණය වී ඇත.

ඩුබායි ජාවාරම්කරුගෙන් ලැබෙන මත්කුඩු තොග මෙම ජාවාරම්කරුවන් විසින් වයඹ සහ මධ්‍යම පළාතේ පුද්ගලයින් 200කට වැඩි පිරිසකට මත්කුඩු සිල්ලරයට බෙදා හැරීමට ලබාදෙන බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මෙම මත්කුඩු මුදල් ගණුදෙනු කරන ගිණුම් 25ක තොරතුරුද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here