තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන රඟමඩලෙන් බැසයන බුද්ධි වික්‍රම

    ජීවන රඟමඩලෙන් බැසයන බුද්ධි වික්‍රම

    විශිෂ්ට රංග ශිල්පියෙකු වූ බුද්ධි සේන දයාරත්න වික්‍රම (බුද්ධි වික්‍රම) මහතා අද (05) සවස අභාවප්‍රාප්ත විය.

    දශක හයකට ආසන්න කාලයන් මෙරට වේදිකාව චිත්‍රපට හා ටෙලිනාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට ලක්වූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

    අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් ,පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ඇතුළු බුද්ධි වික්‍රම රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20කට ආසන්නය. මෙම ටෙලි නාට්‍ය රංග කුසලතාවය බුද්ධි වික්‍රම වේදිකාව සහ සිනමාවටත් ඉහළින් ප්‍රේක්ෂක සිත් සොරා ගත්තේය.

    ජී.ඩී.එල්. පෙරේරා 1965 දී නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය දුන්නේය. මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා එක්දරු පියෙකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img