තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බම්බලපිටියේ ගසක බෝම්බයක් එල්ලූ සැකකරු අල්ලයි

    බම්බලපිටියේ ගසක බෝම්බයක් එල්ලූ සැකකරු අල්ලයි

    පොලිතින් බෑගයක දමා බම්බලපිටියේ මාර්ගයක් අයිනේ ඇති ගසක එල්ලා තිබියදී පසුගිය 31 වෙනිදා හමුවූ අත්බෝම්බය එහි රැගෙනවිත් ගසේ එල්ලූ පුද්ගලයාව හදුනාගත් බම්බලපිටිය පොලීසිය ඔහුව ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බෝම්බය ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මාර්ග පවිත්‍රකරන පුද්ගලික ආයතනයේ සේවකයාය.

    මොරන්තුඩුව මහා ගෝනදූවේ පදිංචිකරුවෙක් වන එන්.මොහොමඩ් නොහොත් ජොර්ජ් (65) නැමැති එම පුද්ගලයා බෝම්බය සහිත බෑගය ගසේ එල්ලා පොලීසියට ඒ බව පවසා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.
    ගාලුපාරත් ඩුබ්ලිකේෂන් මාර්ගයත් අතර බෞද්ධාලෝක මාර්ගයේ 154 බස් රථ ගාල අසල ඇති ගසක මෙම බෝම්බය එල්ලා තිබී ඇත.

    මෙම පුද්ගලයා මෙම බෝම්බය නිවසේ සිට රැගෙන විත් මෙහි එල්ලා ඇති බවත් බෝම්බය ඔහුට හමුවුණු ආකාරය ගැන සොයා විමර්ශනයක් ආරම්භකර තිබෙන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img