තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෘෂි අමාත්‍යාංශයේ ආරාධනයකට මලයාසියාවෙන් ආ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී අත්අඩංගුවට

    කෘෂි අමාත්‍යාංශයේ ආරාධනයකට මලයාසියාවෙන් ආ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී අත්අඩංගුවට

    කෘෂිකර් ම අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා මෙරටට පැමිණි මලයාසියානු ජාතිකයෙකුව කටුනායක ගුවන්තොටුපොලේදී පෙරේදා (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙරට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඒ වෙනුවට අගරුචෙක්පත් ලබාදෙමින් කළ වංචාවක් සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත.

    රජෝ ඉෂා මිචෙල් නැමැති මෙම මලයාසියානුව මෙම වංචාව කර ඇත්තේ 2016 වසරේදීය. ඒ සම්බන්ධයෙන් බම්බලපිටියේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් 2021 වසරේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පැමිණිල්ලක්ද කර තිබී ඇත.

    මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ කොටුව අධිකරණයට වංචා විමර්ශන කාර්යාංශය කරුණු වාර්තාකර තිබී ඇත. එ් වන විට රටින් පිටව ගොස් සිටි මෙම මලයාසියානුවාට එරෙහිව අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක්ද පනවා තිබී ඇත. ගුවන්තොටුපොලේදී පෙරේදා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණ නියෝගයකට අනුවය.

    ගුවන්තොටුපොලේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට භාරදුන් මෙම මලයාසියානුවාව කොළඹ කොටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඔහුව මුදාහැරීමට ඊයේ අධිකරණය පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img