Home උණුසුම් පුවත් නාමයෝජනාවට දින දුන්නත් පුංචි ඡන්දය පැවැත්වීමේ අර්බුදයක්

නාමයෝජනාවට දින දුන්නත් පුංචි ඡන්දය පැවැත්වීමේ අර්බුදයක්

නාමයෝජනාවට දින දුන්නත් පුංචි ඡන්දය පැවැත්වීමේ අර්බුදයක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එහි ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මතභේදයක් ඇතිව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කර තිබෙන පසුබිමකදී ය.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම මෙම බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව සඳහන් ය.

මේ හේතුවෙන් නාමයෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවීමේ අවදානමක් ගැන මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වේ.

එහෙත් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 කි.

සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බවටද බහුතරයකගේ අදහසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ රාජකාරි ගෙවීම්, ඉන්ධන සහ අහාර වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් මුදල් නොලදහොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය.

එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී ඇතැයි සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here