Home උණුසුම් පුවත් බිත්තර මිල ගැන හෙට තීරණයක්

බිත්තර මිල ගැන හෙට තීරණයක්

බිත්තර මිල ගැන හෙට තීරණයක්

බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව  අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සීඝ්‍රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද රජයට ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

අභියාචනාධිකරණය බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු බිත්තර මිල ඉහළ යන්නට පටන් ගත් අතර අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 62 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here